හොරණ ශ්‍රීලනිප නාමයෝජනා පත්‍ර පැහැරගත්තැයි පැමිණිල්ලක්


බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
හොරණ ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නාම යෝජනා පත්‍රය අද රාත්‍රී කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
 
හිටපු පළාත් සභා මන්ත්‍රී කිතුල්ගොඩ මහතාගේ පොකුණුවිට නිවසට පැමිණි තිදෙනකු මෙම නාමයෝජනා පත්‍රයට පැහැරගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසයි.
 
මෝටර් රථයකින් පැමිණ ඇති තිදෙනා කිතුල්ගොඩ මහතාට පරුස වචනෙයන් බැණ වැදී ගෙල පෙදෙසින් අල්ලා පහර දීමට ඇත් කර ඇති බවත්, අනතුරුව නාමයෝජනා පත්‍රය සහ අනිකුත් ලියැවිලි පැහැරගෙන ගිය බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. 
 
එම පිරිස හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.