හොරණ පොලිසියේ අපරාධ ස්ථානාධිපති ඉංගිරියේ වැඩබැලීමට පත්කරයි



 
 (බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
තරුණයන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ ඉංගිරිය පොලිස් ස්ථානාධිපති වෙනුවට වැඩබැලීම සඳහා හොරණ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් දර්ශන මහතා පත්කර ඇති බව පානදුර කොට්ඨාස බාර පොලිස් අධිකාරී පී.ආර්.පී. සේනානායක මහතා පැවසීය.


මෙම සිද්ධියෙන් පසු සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ, පොලිස් සැරයන්වරයකුගේ හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත.