හොරණ ගුරෙක් හිතවතුන්ගේ කෝටි 3කට විදලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිත්ගන්නා සුළු පොලියක් ආයෝජනය කරන මුදල්වලට ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ බව කියන හොරණ රජයේ පාසලක ගුරුවරයකු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි  අ හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි

සැකකාර ගුරුවරයා ට එරෙහිව මේ වන විට වංචා විමර්ශන අංශයට පැමිණිලි 10 ක් මෙන්ම හොරණ පොලිසියට පැමිණිලි 25 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි ද ලද පැමිණිලි අනුව වංචා කළ මුදල රුපියල් කෝටි තුනකට අධික බව උසස් පොලිස් නිලධාරියෙක් කීය

මෙම සැකකාර ගුරුවරයා ගේ වංචාවට බහුතරයක් ගුරුවරුන් සහ ගුරුවරියන් හසුවී ඇති බවත් ඊට අමතරව ඔවුන්ගේ ඥාතීන් ද මෙම කූට වංචාවට හසු වී ඇතැයි එම නිලධාරියා කීය

තමන් සිදුකරන ඇන්තුරියම් ව්‍යාපෘති සහ මැණික් ව්‍යාපාරයට මුදල් ආයෝජනය කළ හොත් රුපියල් ලක්ෂයක මුදලකට මාසිකව රුපියල් 20,000 ක ආකර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසා අදාළ ගුරුවරයා මෙම මුදල් වංචාවේ යෙදී ඇතැයි විමර්ශන සිදු කර ඇතැයි පවසයි.