හොරණ කම්හලේ කළමනාකරු හා රසායන පාලිකාව යළි රිමාන්ඩ්



 
බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ පස් දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටි එහි කළමනාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලිකාව මෙම මස 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසුරිය මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වුයේ බොරලැස්ගමුව වේරහැර පදිංචි ආර්.එදිරිසිංහ සහ හොරණ දික්හේනපුර පදිංචි ඉනෝකා සංජිවනී යන අය වේ.

ඉකුත් 19 වැනි දා සිදු මෙම හදිසි අනතුරින් 34 දෙනෙකු රෝගී වු අතර එක් පුද්ගලයකු හොරණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේවන විට ප්‍රතිකාර ලබයි.