හොරට සිවුරු දැරුවොත් වැඩ වරදී


වංචා සහගත ලෙස පැවිදි වෙස් ගන්නා පුද්ගලයින්ට දඩුවම් නියම කරමින් බෞද්ධ විහාර හා දේවාලගම් පණතට ගෙන ආ සංශෝධනයන් මේ වන විට නීතිපතිවරයා වෙත යවා ඇතැයි බෞද්ධ කටයුතු පිළිඹද කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා පවසයි.

එම සංශෝධනයන් සම්මත කරගැනීමෙන් පසුව සිවුරු දරාගෙන විවිධ වංචනික ක්‍රියාවන්ගේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි ඒ මහතා කියයි.

දැනට මෙවන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යෙදවෙන්නේ වංචා සිදුකිරීම පිළිඹද සාමාන්‍ය නීතිය යටතේය.