හොරගොල්ල වලව්වෙ අලියෙකුයි ගෙම්බෙකුයි ඉන්නවාලු


‘මම හොරගොල්ල වලව්වට ගියාම දැක්කා අලියකුයි ගෙම්බෙකුයි ඉන්නවා. මම ඇහුවා සයිමන් අයියාගෙන් අයියේ මොකද මේ ගෙම්බෙකුයි අලියකුයි ඉන්නේ කියා. සයිමන් අයියා කිව්වා මහත්තයෝ අලියටත් නීතිය එකයි, ගෙම්බටත් නීතිය එකයි කියලා. මේ නීතියෙන් කාටත් සාධාරණයක් වෙන්න ඕනෑ. අධිකරණ සේවා කොමිසමටත්, පොලිස් කොමිසමටත්, රාජ්‍ය සේවා කොමිසමටත් මේ නීතියෙන් සාධාරණයක් වෙන්න ඕනෑ.‘ යි වාර්මාර්ග ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා කීවේය.

‘මේ රටේ පුරවැරසියාට නිදහසේ ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනෑ. ඒ යුගය ඇති කරන්න තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිධුරයට ඇවිත් තියෙන්නේ. ඔහු මහා ලොකු වලව් පරම්පරාවල කෙනෙක් නොවෙයි. ඇතිමලේ කොලනියෙන් ආපු ගොවියෙකුගේ පුතෙක්. ඒ නිසා නිර්ධන ප්‍රාන්තික, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගයේ ප්‍රතිරූපයක් තියෙන ජනාධිපති කෙනෙක්. කඳ බඩ නැති වුණාට හොඳ ඔළුවක් තිබෙනවා. ඔළුවෙන් වැඩ කරන්න පුළුවන් හොඳ හික්මිච්ච, නිවිච්ච නායකයෙක්. අපේ යුතුකමක් තිබෙනවා ඒ නායකයාට සහාය දෙන්න.‘