හොර සල්ලි සමඟ හිමිනමක් සැකපිට


ඔගස්ටින් ප්‍රනාන්දු සහ ජූඩ් සමන්ත

රුපියල් 1000 හොර නෝට්ටු තුනක්, ඒවා මුද්‍රණය කිරීමට යොදා ගත්තේයැයි සැකකෙරෙන උපකරණ ද සමඟ හිමි නමක් (27) හලවාතදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකුගේ සුව දුක් බැලිමට පැමිණි බව කියන මෙම භික්ෂුව රෝහල ඉදිරිපිස ඇති වෙළඳසැල් දෙකකට ගොස් රුපියල් 1000 නෝට්ටු දෙකක් දී කිසියම් භාණ්ඩයක් මිල දී ගැනිමට ගිය අවස්ථාවේ  වෙළද සැල් හිමියන්ට නෝට්ටු සම්බන්ධයෙන් ඇති වූ සැකයෙන් එම හිමි නම හා නෝට්ටු දෙක හලාවත රෝහල් පොලිසිය වෙත බාර දි ඇති අතර පසුව භික්ෂුව පරීක්ෂා කිරිමේ දී තවත්  නෝට්ටුවක් තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.

එම හිමියන් තාවකාලිකව වැඩ වාසය කළ විහාරස්ථානයට ගොස් පරීක්ෂා කිරිමේ මුද්‍රණ යන්ද්‍රයක්,  නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගත් පත්‍රිකා තොගයක් ද සොයා ගත් බව පොලිසිය කියයි.

මෙම හිමි නම ප්‍රදේශයේ තරුණයකු සමඟ එක්ව හොර නොට්ටු මුද්‍රණය කර ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වූ බවත්, එම තරුණයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.