හොර සල්ලි පවුලක්ම සැකපිට


හොර නේට්ටු 22 ක් සමඟ පවුලක්ම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි.

වේයන්ගොඩ පැත්තේ සිට වෑන් රියකින් පැමිණි මව(47),  දියණිය(18), පුතා(07) සහ බෑනා මේ පිරිසට අයත් බවත් එළවළු ගැනීමට රුපියල් 2000 ව්‍යාජ නෝට්ටුවක් දී ඇති බවත් පොලීසිය පවසයි.

රුපියල් 2000 හොර නෝට්ටු 20 ක් සහ රුපියල් 1000 සේ හොර නෝට්ටු දෙකක් මොවුන් ලඟ තිබී ඇත.