හොර සල්ලි අච්චු ගැසූ යුවළක් අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)

යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේදී රුපියල් විසිඑක් ලක්ෂ හැටඅට දහසක ව්‍යාජ මුදල් මුද්‍රණය කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

මණියන්තොට්ටම් ප්‍රදේශයේ නිවසක් තුළ ව්‍යාජ මුදල් තොගයක් ඇති බවට යාපනය පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කළ වැටලීමකදී ව්‍යාජ මුදල් මුද්‍රණය කළ බවට සැකකෙරෙන විවාහක යුවළක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ව්‍යාජ මුදල් අතර රුපියල් 5000 නෝට්ටු 400 ක් රුපියල් 1000 නෝට්ටු 168 ක් තිබියදී සොයාගෙන ඇති අතර ඊට අමතරව ව්‍යාජ මුදල් මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් දෙකක්, ස්කෑනර් දෙකක්, ඩොන්ගල් එකක් හා ජංගම දුරකතන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.