හොර වාහන හොයන්න කමිටුවක්



(සුජිත් හේවාජුලිගේ )

වාහන ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

කෝපා කමිටුව කළ නිර්දේශ මත එම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය

එම කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.