මනෝප‍්‍රිය ගුණසේකර
ව්‍යාජ රන් ආභරණ කෝට්ටේ රාජ්‍ය බැංකුවකට උකස් කොට රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවකට වරදකරු වූ අමාත්‍යවරයෙකුගේ හිටපු පෞද්ගලික ආරක්‍ෂ නිලධාරීවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 06ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (03) නියම කළේය.
සිරදඬුවමට අමතරව රුපියල් ලක්‍ෂ තුනක දඩයක්ද බැංකුවට සිදුවූ පාඩුවට වන්දි වශ්‍යයෙන් රුපියල් ලක්‍ෂ 1 1/2ක්ද ගෙවීමට නියම කළ විනිසුරුවරයා දඩ සහ වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසර 07 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.
මෙලෙස දඬුවම් නියම වුයේ අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ආරක්‍ෂ නිලධාරීවරයකු ලෙස සේවය කළ බව කියන ජයම්පති අළුවිහාරේ නමැත්තාටය.
විත්තිකරුට එරෙහි තීන්දුව දෙන අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දඬුවම ක‍්‍රියාත්මක කිරීමට නියම කළේය.
2004 පෙබරවාරී මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කෝට්ටේ රාජ්‍ය බැංකුවකට රුපියල් 1,27,678/-ක් වටිනා බව හඟවමින් ව්‍යාජ රන් ආභරණ එම බැංකුවකට උකස් කොට අදාළ මුදල් වංචා කිරීමේ චෝදනා යටතේ නීතීපතිවරයා විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.