නීති විරෝධි ලෙස නිෂ්පාදිත කසිප්පු සප්‍රීතු බෝතල් 800 ක් ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක්, සැකකරුවෙකු සමග නාත්තන්ඩිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ අපරාධ අංශය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති කසිප්පු ස්ප්‍රීතු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන අතර රථයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වේ.
මෝටර් රථයේ පිටුපස ආසනය ගලවා පෝරමලු දහසයක මෙම ස්ප්‍රීතු බෝතල් 800 අසුරා තිබි ඇති අතර අදාල මෝටර් රථය කසිප්පු ප්‍රවාහනයට උචිත පරිදි පිටුපස අමතර දුනු යොදා නවිකරණය කර තිබු බව වැටලීම සිදු කළ නිලධාරීහු කියති.
දින කීහිපයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයකින් පසුව මෙම වැටලිම සිදුකර තිබේ.
දන්කොටුව ප්‍රදේශයේ සිට කසිප්පු ස්ප්‍රීතු ප්‍රවාහනය කරමින් තිබු මෙම මෝටර් රථය පසු පස හඹා ගොස් නාත්තන්ඩිය ප්‍රදේශයේදි සැකකරුද සමග අත් අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
සුරාබදු නිලධාරින් මග හැරිම සදහා සැකකරුවන් කුඩා අතුරු පාරකට මෝටර් රථය හරවා ඇති අතර එහිදි සුරාබදු නිලධාරින් ගමන්ගත් කැබ් රථය අනතුරකටද ලක්ව ඇතත් ඔවුහු පරිශ්‍රමයක් දරා කසිප්පු ස්ප්‍රීතු ප්‍රවාහනය කරමින තිබූ රථය අත්අඩංගුවට ගෙන ඇත.
ජා ඇල ප්‍රදේශයේ සිට කුලියාපිටිය ප්‍රදේශය දක්වා මෙම කසිප්පු සප්‍රීතු ප්‍රවාහනය කරමින් තිබු බව අත්අඩංගුවට ගත් සැකකරු සුරාබදු නිළධාරින් ඉදිරියේ පවසා ඇත.
සැකකරු ලබන 07 වෙනිදා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම වැටලිම සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතාගේ නියෝග මත සුරාබදු අපරාධ අංශය භාර නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජේ. පුෂ්පකුමාර සිල්වා මහතාගේ උපදෙස් මත සුරාබදු පරිකෂක ඒ.ආර්.ලැම්බට්, උපුල් සෙනවිරත්න, සුරාබදු නියමක අසංක කල්‍යාණප්‍රිය සහ අනුර යන නිලධාරි කන්ඩායමක් විසින් සිදුකර ඇත.




