හොර පොලිස් පරීක්ෂක අල්ලයි


පොලිසිය බව හඟවමින් මහමඟ යන මිනිසුන් ත්‍රීරෝද රථවලට නංවාගෙන ගොස් කොල්ල කන කණ්ඩායමක සාමාජිකයෝ තිදෙනෙක් මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. බීමත්ව මහමග යන පුද්ගලයන් කොල්ලකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය බව කියන පොලිසිය ඔවුන් කොල්ල කන ත්‍රිරෝද රථ තුනක් යතුරු පැදි ඡංගම දුරකතන ඇතුළු දෑ පොලිස් බරයට ගෙන ඇත.