නීති විරෝධී ලෙස නේපාලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් පස්දෙනෙකු ඉන්දීය‐නේපාල දේශ සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
දේශ සීමා රාජකාරියේ නිරත ඉන්දීය ආරක්ෂක අංශ විසින මෙම ලාංකිකයින් අත්අඩංගුවට ගෙන ඇත.මොවුන් කිනම් කරුණකට මෙලෙස සංක්‍රමණය විමට කටයුතු කළේද යන්න හෙළි වී නැත.
ඔවුන්ට අමතරව බංගලිදේශ, භූතාන සහ මියන්මාර ජාතිකයෝ පිරිසක් ද අත්අඩංගුවට පත්ව සිටිති.
මොවුන් සියලූ දෙනාම ව්‍යාජ ඉන්දීය ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කොට නේපාලයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවද වාර්තා වේ.

