හොර පාරෙන් කුවේට් ගිය 11ක් ආපසු එවයි


රැකියා ලබාගැනීමට සංචාරක වීසා මගින් කුවේට් රාජ්‍යයට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයෝ 11 දෙනෙක් එරට ආගමන හා විගමන බලධාරීන් විසින් හරවා එවනු ලැබූහ.

ඔවුන් එහි යවනු ලැබූ බවට සැක කෙරෙන අවිස්සාවේල්ලේ කතක අත්අඩංගුවට ගෙන ඇතැයි කාර්යංශය කියයි.

පිරිස අතර සිටි කාන්තාවන් දසදෙනාට අවුරුදු පහට අඩු දරුවන් සිටින අය බවත් ඔවුන්ට නීත්‍යනුකූලව විදේශ රැකියාවලට යා නොහැකි බැවින් මෙවැනි නීතිවිරෝධී ක්‍රම ඔස්සේ විදේශගත වීමට තැත් කරන්නට ඇතැයි සැක කරන බවත් විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.

මේ තරම් පිරිසක් සංචාරක වීසාවලින් රැකියාවලට යාම ජාවාරමක් විය හැකි බවත් ඇමැතිනිය කීවාය.