හොර පාරෙන් ඕස්ට්‍රේලියා ගිය 65ක් යළි එවති


මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධී  සංක්‍රමණිකයන් 65 දෙනෙක් ඉන්දුනීසියාවට යළි හරවා යැවීමට ඕස්ට්‍රේලියාවේ බලධාරින් කටයුතු කර ඇතැයි මහ කොමසාරිස් කාර්යාල ආරංචි කියයි.

ශ්‍රී ලාංකිකයින් 54 දෙනෙක් , බංග්ලාදේශ ජාතිකයන් දස දෙනෙකු සහ මියෙන්මාර ජාතිකයෙකු ඒ අතර වෙති.