(ටී.කේ .ජී.කපිල)
නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු, එරටින් පිටුවහල් කර අද (14) යළි ලංකාවට එවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි.
ඔවුන් සියලු දෙනා මාතර, හම්බන්තොට, හක්මන, තංගල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඒ අතර වයස අවුරුදු 12 ක සහ වයස අවුරුදු 15 ක පිරිමි දරුවන් දෙදෙනෙක් ද සිටින අතර ඔවුන් සිය මාමා සහ පියා සමඟ ඕස්ට්‍රේලියාට ගොස් සිටියදී අත් අඩංගුවට පත් ව ඇත.
මෙම පිරිස ඉකුත් නොවැම්බර් 17 වැනි දා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඕස්ට්‍රේලියාව බලා ගමන් අරඹා ඇති බවත් ඔවුන් ඊයේ (13) ඕස්ට්‍රේලියාවේ ලීයර් මවුත් වෙරළ තීරයේ සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ .

