හොර දුම්වැටි රේගුවේ හිරවේ
රුපියල් ලක්ෂ තුනහමාරක් වටිනා සිගරැට් කර්ටන් 350ක් සෞදි අරාබියේ සිට හොරෙන් ගෙන ආ කුවේට් ජාතිකයකුට රුපියල් විසිදාහක දඩයක් ගසා සිගරැට් තොගය රාජසන්තක කැරිණි. නියෝජ්‍ය රේගු අධිකාරින් වන ටී.සේනාතිලක, පී.එම්.ටී. දිසානායක හා කේ ගුණතිලක මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.

