හොර දැව ජාවාරම ගජරාමෙට


වැල්ලවාය කෝන්වැලාන ගල්තොටආර රක්ෂිතය තුළ රහසිගතව කුඹුක් ජාවාරමක් සිදුවන බව ගම්වාසීහු පවසති.

ගල්තොටආර දෙපස ඇති කුඹුක් ගස් පෙරළා දමා පසුව එම ගස් අත් කියත් භාවිතයෙන් ඉරා පසුව කුඹුක් ගස්වල මුල් කොටස හඳුනාගත නොහැකි පරිදි ගිනි තබන බව ගම්වැසියෝ පෙන්වාදෙති.

මෙම දැව ජාවාරම පිළිබඳව වහා පරීක්ෂණයක් සිදුකරන ලෙසත් සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කෝන්වැලාන ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.