හොර තෙල් හලක් මොරොන්තුඩුවේ


බවුසර්වලින් හොරෙන් අදින ලදැයි කියන ඩීසල් හා පෙට්‍රල් තොගයක් මොරන්තුඩුවේ කඩයක් ළඟින් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

ඩීසල් ලීටර 400ක් ද, පෙට්‍රල් ලීටර 200ක් ද සමඟ කඩ හිමියා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.