හොර ඡන්ද පත්‍රිකා සමග අයෙක් සැකපිට


(ජූඩ් සමන්ත)

ව්‍යාජ ලෙස සකස් කර සලකුණූ කරන ලද ඡන්ද පත්‍රිකා 06ක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන පුද්ගලයකු පුත්තලම නගරයේදී අද (10) සවස අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය පවසයි.

ජංගම මුර සංචාරයක නිරත වූ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සතුව තිබී ඇත්තේ මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂය ඉදිරියෙන් ඡන්දය ලකුණු කරන ලද ව්‍යාජ ලෙස මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා බව පොලීසිය කියයි.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.