(ටී.කේ.ජී.කපිල )
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව හරහා බෙල්ජියමට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (8) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දී තිබේ.
මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු ඉකුත් 2 වැනි දා ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .
එහිදී කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එය පරීක්ෂා කරද්දී මෙම මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව හඳුනා ගෙන තිබේ.
පසුව ඔහුගෙන් ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී,ඔහු ගමන් ගත් ගුවන් යානය තුළදී මෙම ගුවන් ගමන් බලපත්‍රය තමන්ට ලබා දුන් එකක් බවත් තමන් එය උපයෝගී කර ගනිමින් බෙල්ජියමට යෑමට සූදානම් වූ බවත් ප්‍රකාශ කර තිබේ .