හොර ගමන් බලපත් 95 ක් සමඟ අයෙක් අත්අඩංගුවට



 
 
බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
ගලංගම බෝධිය පාර නිවසකදී ව්‍යාජ ලෙස සකස් කරන ලද අන්සතු විදේශ ගමන් බලපත්‍ර 95 ක් ලැප්ටෝප් පරිගණකයක් හා ස්කෑන් යන්ත්‍රයක් සමඟ වයස අවුරුදු 61 පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.


කොරියාව,ඉතාලිය,ප්‍රංශය,ඉන්දියාව හා ඊශ්‍රාලය ආදි රටවලට මෙම ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර ඇති බව පොලිසිය පවසයි.