හොර ගමන් බලපතක් ළඟ තබාගත් අයකුට ලක්ෂයක දඩ


(ටෝනි කරුණනායක)

නීත්‍යනුකූල නොවන විදෙස් ගමන් බලපත්‍රයක්  සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා දෙකකට  වරද පිළිගත් විත්තිකරුවෙකුට එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් රුපියල් ලක්ෂයක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියම කළේය.


කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරින් විසින් නඩු පවරනු ලැබු මාතර දික්වැල්ලේ පදිංචි නිලන්ත කුමාර නැමති අයට මෙසේ දඬ නියම කෙරුණි.


නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබු ගුවන්   ගමන් බලපත්‍ර විනාශ කරන ලෙසට නියම කල මහේස්ත්‍රාත්වරිය විත්තිකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට අධිකරණ රෙජිස්ටාර්වරයාට දන්වනු ලැබීය