ව්‍යාජ ගුවන් ගමන් බලපත් භාවිතා කරමින් ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ජර්මනිය බලා යාමට උත්සහ කළ ඉරාන ජාතික පියෙකු සහ දරුවන් තිදෙනෙකුගේ ගමන අත් හිටුවා ඔවුහු ආපසු හරවා ඉරානයටම යැවීමට ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීහු සමත් වුහ.
මෙම ඉරාන ජාතිකයා 50 හැවිරිදි වියේ පසුවන අතර දරුවෝ 26,21 සහ 11 හැවිරිදිය.
මොවුහු පසුගිය 27 වෙනිදා දිවයිනට පැමිණ ඇත්තේ බල්ගේරියානු ගුවන් ගමන් බලපත් භාවිතා කරමින් බව අනාවරණය වී ඇත.
පසුව ඊයේ යළි ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 554 දරණ ගුවන් යානයෙන් ජර්මනියේ ප්‍රැන්ක්ෆට් නුවර බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ඔවුන් භාවිතා කරනුයේ ව්‍යාජ බල්ගේරියානු ගුවන් ගමන් බලපතක් බව ආගමන විගමන නිලධාරීහු අනාවරණය කරගෙන ඇත.
ඔවුන්ගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඔවුනගේ නීත්‍යානුකූල ඉරාන ගුවන් ගමන් බලපත්‍රද සොයාගෙන ඇත.

