උප්පැන්න සහතික, ජාතික හඳුනුම්පත්, විභාග ප්‍රතිඵල ලේඛණ, ඉඩම් ඔප්පු, නඩු වාර්තා ඇතුළු වැදගත් ලිපි ලේඛණ රැසක් ව්‍යාජ ලෙස සෑදූ පුද්ගලයකු ගාල්ල කොටුවේ පෙඩ්ලර් වීදියේ දී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
හබරාදුව පොලිසියට පැමිණි පුද්ගලකු සතුව තිබූ ජාතික හැඳනුම්පතක් සම්බන්ධයෙන් සැක සිතූ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී එම ව්‍යාජ හැඳුනුම්පත් සකස්කැර දුන් ස්ථානයේ දී අදාල පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව පසයි.
පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව රජයේ නිලධාරින්ගේ නිල මුද්‍රා හා සමාන රබර් සීල් 50ක් පමණ තිබූ බවයි. ඒ අතර පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මුද්‍රා ද තිබී ඇත.




