නීති විරෝධී ආකාරයට, වලංගු බලපත්‍රයක් නොමැතිව මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙක් විදෙස් ගමන් බලපත්‍ර 49 ක් සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අංඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා මැද පෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසමින් තමන්ගේ නිවසේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු එය පවත්වාගෙන ගොස් ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියක් නොමැතිවය.
මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසමින් සැකකරු මුදල් ලබාගෙන ඇති අතර ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් මෙසේ මුදල් ලබාගෙන ඇති අතර ඒ ආකාරයට ලබාගත් මුදල් ප්‍රමාණය කොපමණද යන්න පිළිබද සොයා බැලීම සදහා පරීක්ෂණ මේ වන විට ක්‍රියාත්මකය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය නොමැතිව විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යාම නීති විරෝධී වන අතර නීති විරෝධී ආකාරයට පුද්ගලයින් විදේශ රැකියා සදහා යැවීමට උත්සාහ කරන ජාවාරම්කරුවන් ගැන තොරතුරු ඇතොත් වහාම ඒ පිළිබද දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.