හොර අලි 21ක් වනජීවී බාරයට


ව්‍යාජ ලිපි ලේඛන සහිත අලින් 21 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයයි ද, තවත් 22 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත යැයි ද තිරසාර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි.

අලින් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ ඔවුන් රඳවා තැබීමට පින්නවල ඉඩ කඩ සීමිත නිසා බවත්, ඊට පිළියම් ලෙස උඩවලවේ ද වෙනම ස්ථානයක් විවෘත කිරීමට නියමිත බවත් ඇමැතිවරයා පවසයි.