හොර අත්සන් ගැසුවාට තිස්සට නඩු


පසුගිය ජනපතිවරණ සමයේ උතුරේ අධි ආරක්ෂක කලාප හා හමුදාව ඉවත් කරන බවට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අත්සන් කළැයි එජාපයෙන් හිටපු රජයට එක්වූ තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සැකසීමේ නීතිය යටතේ නඩු පවරන බව රහස් පොලිසිය අද (3) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.

එම ගිවිසුම ව්‍යාජ බවත් එහි අත්සන් දෙකම හොරට ගසා ඇති බවත් රජයේ රස පරීක්ෂකද වාර්තා කර ඇති බව මීට පෙර දිනයකදී රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

පැමිණිල්ල අගෝස්තු 5 වැනිදාට කල් තැබිණි.

තිස්ස අත්තනායක අධිකරණයට පැමිණ සිටියේය.

IMG_2557 IMG_2571 IMG_2573 IMG_2627 IMG_2631