හොඳ බීජ හඳුනා ගන්න ඩිජිටල් පද්ධතියක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ඩිජිටල් බීජ නිෂ්පාදන සහතික කිරීමේ සහ හඳුනාගැනීමේ පද්ධතියක් ආරම්භ කර තිබේ.

ගුණාත්මක බීජ හඳුනා ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.

 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහය ඇතිව ක්‍රොපික්ස් බීජ නිෂ්පාදන, සහතික කිරීමේ සහ හඳුනාගැනීමේ පද්ධතිය ක්‍රියාත්මක කෙරෙයි.

මෙම නව පද්ධතිය මගින් බීජ වටිනාකම් දාමය පුරා සිටින පාර්ශවකරුවන් අතර විනිවිදභාවය, කාර්යක්ෂමතාව, සොයාගැනීමේ හැකියාව සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම මගින් බීජ නිෂ්පාදනය සහ සහතික කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීමට, ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට සහ ගොවීන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට ගුණාත්මක බීජ සැපයීම ඉතා වැදගත් වන බව අමාත්‍යංශය පවසයි.