හොංකොං රස්සාවට ලක්ෂ පහයි


රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක මාසික වැටුපකට  හොංකොං රැකියා දෙන බව පවසා  මාතලේ දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

මෙම පුද්ගලයා  රජයේ දේශපාලනඥයින් දෙදෙනකුගේ ලේකම්වරයකු ලෙස කියා ඇතැයි පොලීසියට කළ පැමිණීල්ලේ සඳහන් වේ.

රැකියා දෙන බව පවසා සිංගප්පුරුවට ගෙන ගොස්  එහි අතරමං කරන බවද කිහිප දෙනකුම සිංගප්පුරුවට රැගෙන ගොස් එහි අතරමං කැර ඇතැයිද පොලීසිය  කියයි.