(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂාන් විතාන මහතා බෞද්ධ ප‍්‍රජාව කෙරෙහි අන්‍යාගමිකයන් තුළ වෛරයක් පතුරවන ආකාරයේ ප‍්‍රකාශයක් රූපවාහිනී වැඩසටහනක් මගින් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත අද (23) නියෝග කළාය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය බෞද්ධ ස්ථානයක සිදුවුණා නම් අහිංසක මුස්ලිම් ප‍්‍රජාව මරමින් විශාල විනාශයක් වන බව පවසමින් හේෂාන් විතාන මහතා රූපවාහිනී වැඩසටහනේදී ප්‍රකාශ කර ඇත.
ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 290 (අ) වගන්තිය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3 (2) වගන්තිය ප‍්‍රකාරව මෙම තැනැත්තා වරදක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

