සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා සිය කොළඹ වොක්ෂෝල් වීදීයේ පිහිටි අමාත්‍යංශයේදී අද වැඩ භාර ගත්තේය.
නැකතට රාජකාරී ලිපියකට තම අත්සන යොදා නියෝජ්‍ය අමාත්‍යවරයා රාජකාරී කටයුතු ඇරැඹුවේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේය.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සිවිල් දේශපාලකයින් මෙන්ම හේමාල් ගුණසේකර මහතාගේ බිරිය නාලනී ගුණසේකර මව දයා ගුණසේකර ඇතුළු පවුලේ සමිපතයින් ඔහුට සුභ පැතූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර කඹුරුපිටිය ප්‍රධාන සංවිධායකවරයා ලෙසද හේමාල් ගුණසේකර මහතා කටයුතු කරයි.