( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු වී ඇති සියලු පෙත්සම් සත් සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (06) තීරණය කළේය.
මෙම පෙත්සම් සියල්ල ජාතික වැදගත්කමකින් යුතු කරුණක් ලෙස සලකමින් අගවිනිසුරු මෙම පෙත්සම් සත් සාමාජික විනිසුරු මඩුල්ල ඉදිරියේ කරුණු තහවුරු කිරීමට තීන්දු කර ඇති අතර ඒ අනුව එම පෙත්සම් සියල්ල ජුලි 12 වැනිදා සත් සාමාජික විනිසුරු මඩුල්ල හමුවේ කැදවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මීට පෙර මෙම පෙත්සම් කැදවූ අවස්ථාවේදී නීතිපති හා පෙත්සම්කාර පාර්ශව ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටියේ පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙසය.
එම ඉල්ලීම් සියල්ල සලකා බලමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම තීන්දුව ගත් බව එම ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ පියෙකු ගොනු කළ පෙත්සම, සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු විසින් ගොනු කළ පෙත්සම ඇතුළු පෙත්සම් කිහිපයක් අද (06) ශෙු්ෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාව වේදී මෙම දැනුම්දීම සිදු කරන ලදී.
සිසිර ද ආබෘ , ගාමිණී අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.
අද දින මෙම පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර පාරශවයට නීතීඥ ගාමිණී පෙරේරා, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන යන මහත්වරු ද, වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පති වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍ර්මරත්න සහ නීතීඥ විරාන් කොරයා යන අයද පෞද්ගලිකව පෙනී සිටියහ.

