( ළහිරු හර්ෂණ )
කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද( 04) පෙරවරුවේදී ජාතික රෝහලෙහි ගෙවන වාට්ටුවකට මාරු කර ඇත.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු මේ වන විට ප්‍රතිකාර ලබයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර අසනීප තත්ත්වයෙන් සිටින ඔවුන් බන්ධනාගාර ආරක්ෂාව යටතේ මෙලෙස ප්‍රතිකාර ලබති.



