හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට


 ( ඉන්දිකා රාමනායක)

කොළඹ ජාතික  රෝහලේ  ප්‍රතිකාර ලබමින්  සිටි  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා  මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා පොලිස් ආරක්ෂාව යටතේ  මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

හේමසිරි ප්‍රනාන්දු මහතාට  අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද අසනීප තත්ත්වයක්  හේතුවෙන් රෝහල් ගත වන බැවින් එහි නොපැමිණෙන බව ඒ මහතා දැනුම් දී තිබිණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.