හෙළිකොප්ටරයක් වැස්ස නිසා හේනේගමට ගොඩ බස්වයි


(කිරිදිවැල - උපාලි රණවීර)
ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු හා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ඇතුලු හය දෙනෙකු රැගෙන  කොළඹ බලා පියාසර කළ  පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය නිසා අද (2) සවස 5.00ට පමණ හේනේගම මධ්‍ය විද්‍යාල ක්‍රීඩාපිටියට ගොඩ බස්වනු ලැබිණ.                                 
එම අවස්ථාව වන විටද දැඩි වර්ෂාවක් හා අදුරු ස්වභායකින් යුතු කාළගුණයක් ප්‍රදේශය පුරා පැවතුණි. එම යානය ගිරිඋල්ල ප්‍රදේශයේ සිට කොළඹ බලා පියාසර කර ඇත.
එහි නියමුභටයා පැවසුවේ යානය තවදුරටත් රැගෙන යාමට නොහැකිවු බැවින් එම ස්ථානයට ගොඩ බැස්සවු බවයි.
එම අවස්ථාවේ සිට මල්වතුහිරිපිටිය පොලිසිය එම යානයට ආරක්ෂාව සලසා ඇත.