හෙළ දරු වරුණ ලන්ඩන් නුවර ලස්සන කරයි


එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ සහජ කලා කුසලතා එකම වේදිකාවකට ගෙන ආ හෙළදරු වරුණ සංස්කෘතික කලා උළෙල ලන්ඩන් නුවරදී පැවැත්විණි. එංගලන්තයේ ඉපැදුණු අවුරුදු 3ත් 18ත් අතර සිංහල දූ දරුවෝ 150 දෙනෙක් පමණ ගායනයෙන්, නර්තනයෙන් සහ රංගනයෙන් දස්කම් පෑහ.  උඩ පහත දෙරට නැටුම්, වේදිකා නාට්‍ය, ගීත ගායනා සහ නව නිර්මාණ ද  විශේෂාංග අතර විය. නිවේදකයෝ ද ලක්දරුවෝය. ඔවුහු සිංහලෙන් ඒ කාරිය ලස්සනට කළහ.  ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය ආගමික වතාවත් ඉටු කළහ. ශ්‍රී ලංකා මහා කොමසාරිස්  දොස්තර ක්‍රිස් නෝනිස් ප්‍රධාන ආරාධිතයාය. ඒ.පී. අත්තනායක,  රසිකා කුමාරගේ,  මදුකා මාරසිංහ, සහ ඕළු සුරවීර මහත්ම මහත්මීහු පුහුණු කටයුතු කළහ. හෙළ වරුණ සංකල්පය සහ ප්‍රධාන සංවිධායකත්වය ආසිරි බණ්ඩාරගෙනි.ඔහු  මහනුවර ධර්මරාජ සහ මාතලේ ක්‍රිස්තුදේව පාසල්හි ද සිසුවෙකි.  කොළඹ හා ලන්ඩන් සරසවිවල ද ආදි සිසුවෙකි.