හෙළ කලා උළෙලක් ලන්ඩනයේ By None // 2012 මාර් 30 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීක දෙමාපියන්ගේ දරුවන් විසින් තෙවැනි වරටත් කරලියට ගෙන එනු ලබන ‘‘හෙළ දරු වරුණ‘‘ සංස්කෘතික කලා මංගල්‍යය අප්‍රෙල් 21 වැනි සෙනසුරාදා සවස ලන්ඩන් නුවර හොවුන්ස්ලෝ ලැම්ටන් පාසල් ශාලාවේදී නොමිලයේ වේදිකාගත වීමට නියමිතය. එංගලන්තයේ ජීවත්වන ලාංකික සිසුන් ජාතික ඇඳුමින් සැරැසී මුල සිට අග දක්වාම හෙළ බසින් පමණක් මේ ප්‍රසංගය ඉදිරිපත් කරන බවත් වන්නම්, වෙස් නැටුම්, ගිරි දෙවි සමගින් ජන කමි, ජනගායනා, වේදිකා නාට්‍යය , ජවනිකා, ළමා ගීත, ගැමි නැටුම් ඇතුළු තවත් බොහෝ අංග කරලියට ගෙන එන බවත් සංවිධායකයෝ කියති. වයස අවුරුදු 3 සිට 18 දක්වා දූ දරුවෝ සියයකට අධික ප්‍රමාණයක් ඊට එක් වෙති. 2007 දෙසැම්බරයේ දීත්, 2009 ඔක්තෝබරයේදීත් මෙවැනි කලා උළෙල පැවැත්විණි. නර්තන ආචාර්යය ඒ. පී. අත්තනායක සමග රසිකා කුමාරගේ සහ මධුකා මාරසිංහ නර්තනාචාරිනියෝ වෙති. දේශීය ආහාර පාන සංග්‍රහයක් ද තවත් විශේෂාංග, දේශීය ආරකට හුරු ඇඳුමකින් සැරැසී පැමිණෙන ලෙස සංවිධායක කමිටුව ආයාචනා කරයි. ස්වර්ණා වීරසිංහ මහත්මිය ද කමල් අභයතිලක සහ විජේරත්න බණ්ඩාර මහත්වරුද සංවිධාන කමිටු සාමාජිකයෝය. හෙළ දරු වරුණ සංකල්පය සහ ප්‍රධාන සංවිධායකත්වය ලන්ඩනයේ වෙසෙන ආසිරි බණ්ඩාරයන්ගේය. 204 Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත