ජාතික හෙළ උරුමය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික යහපාලන පෙරමුණ නමින් පක්ෂයක් ලියාපදිංචි කළ බවත්, එහි ලකුණ දියමන්තිය බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා එසැණට කීවේය.
ජාතික හෙළ උරුමයේ ලාංඡනය ලෙස කලින් තිබුණේ හක්ගෙඩියයි.
මේ අතර අද පැවැති මාධ්‍ය හමුවක දී ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීවේ පක්ෂයේ නම හා ලාංඡනය ගැන තවම ස්ථිර තීරණයකට පැමිණ නැති බවයි.
විමල් ගීගනගේ මහතාගේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ ලංඡනය මල් පොහොට්ටුව ලෙස ද, ආචාර්ය ඒ සී විග්නේෂ්වරන්ගේ අකිල ඉලංකෙයි ද්‍රවිඩ මහා සභා පක්ෂයේ ලාංඡනය ලෙස තිබූ දොඩම් ගෙඩිය ඉවත් කර නැව ලෙස ද, එක්සත් මහජන පක්ෂයේ ලාංඡනය මාළුවා ඉවත් කර ජංගම දුරකතනය ලෙස ද වෙනස් කර තිබේ.

