හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමේදී ඇතිවූ දේපළ හානිය ගැන පැමිණිලි 10 ක්


(චන්දන ජයවීර සහ රංජිත් රාජපක්ෂ)

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග පැමිණි එම්අයි-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමේදී හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ තාප්පයක් කඩා වැටිමෙන් නිවාස වලට සිදුවු අලාභය සම්බන්ධයෙන් සමනළගම ගම්වාසින් 10 දෙනකු හැටන් පොලිසියට පැමිණීළි 10 ක් ඉදිරිපත් කර ඇතැයි හැටන් මුලස්ථාන පොලිස් පරික්‍ෂක පුෂ්පකුමාර හෙට්ටිආරචිචි මහතා පවසයි. 

ගිනිගත්හේන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තක්සේරු වාර්තාවක් කැදවා එම නිවාස වලට සිදුවු අලාභයට වන්දි මුදලක් ගෙවිම සම්බන්ධයෙන් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය හා රජයේ අවධානය යොමු වි ඇති බව  මුලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා කියයි.

හෙලිකොප්ටර් යානා තුනක් ගොඩ බැස්වීමේදී එම ගුවන් යානා වල සුළං පෙතිවලින් ඇතිවූ දැඩි සුළඟ නිසා ක්‍රීඩාංගණය වටා ඉදිකර තිබෙන ආරක්‍ෂිත සිමෙන්ති බැම්මෙන් කොටසක් කඩා වැටිමෙන් නිවාස පහකට දැඩි අලාභ හානි සිදුවිය. කාන්තාවක් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබුණි.