ඇඹිලිපිටිය පානාමුර මහා විදුහලේ ශිෂ්‍යනායකයකුගේ ඇස ආසන්නයට හෙල්ලක් වැදීමෙන් එම හෙල්ල ද සමග ඇඹිලිපිටිය මූලික රෝහලට රැගෙන යාමෙන් පසු හෙල්ලේ කොටසක් කපා ඉවත් කැර සිසුවා හෙල්ල ගැලීවීම සදහා කොළඹ ජාතික රෝහලට යැවූ බව ඇඹිලිපිටිය රෝහල කියයි.
කේ එච් ගයාන් මධුෂංක (17) එම සිසුවා පාසලේ ශිෂ්‍ය නායකයෙකි.
හෙල්ල විසි කිරීමේ පුහුණු තරගයේ දී සිසුවකු විසි කළ හෙල්ල මෙම සිසුවාගේ වම් ඇසට ආසන්නයේ අගල් හයක් පමණ ඇතුළට ඇනී ඇතැයි ඇඹිලිපිටි රෝහලේ වෛද්‍යවරු කියති.