හෙල්මට් නැතිව ගිහින් මරු දකී


හිස් ආවරණ නොමැතිව ගමන්ගත් තරුණයන් දෙදෙනකු රැගත් යතුරුපැදියක් මොරගහහේන, තරව්හේන ප්‍රදේශයේදී පස් කණ්ඩියක ගැටීමෙන් එක් අයකු මියගොස් අනෙක් තරුණයා බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මොවුන් දෙදෙනාගෙන් කිසිවකුට හෝ යතුරුපැදි පැදවීමේ බලපත් නොතිබූ බවත් යතුරුපැදිය ඔවුන්ගේ මිතුරකුගෙන් ඉල්ලාගත් එකක් බවත් හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.