හෙරොයින් ළඟ තබාගත් තරුණයා දිවි ඇතිතෙක් හිරේ


මනෝප්‍රිය ගුණසේකර 
 
හෙරොයින් ග්රූම් 13ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ තරුණයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (08) ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කළේය.
 
හෙරොයින් ජාවාරම්වලට ජනතාව යොමුවීම වැළැක්වීම සඳහා මෙම විත්තිකරුට උපරීම දඬුවම් නියම කරන බව සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එලෙස ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කළේය.
 
මීට වසර 05 කට පෙර කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 13.96 ක් ළඟ තබා ගත් බවට වූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස ජීවීතාන්තය දක්වා වූ සිරදඬුවම් නියම කරන ලද්දේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් පදිංචි චන්දිම පෙරේරා නමැති 33 හැවරිදි තරුණයෙකුටය.