(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
හෙරෝයින් මත්කුඩු ග‍්‍රැම්ස් 51.4ක ප‍්‍රමාණයක් සිය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකරු වු විත්තිකරුවකුට හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජ මහතා අද(13) ජිවිතාන්තය තෙක් සිර දඬුවම් නියම කරනු ලැබීය.
මෙසේ දඬුවම් ලැබුයේ මන්නාරම එරුක්කලමිපිඩ්ඩි ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් ගපූර් නව්සිත්(45) නමැති අයෙකි.

