(මනෝප‍්‍රිය ගුණසේකර)
හෙරොයින් ග්‍රෑම් 7ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (18) නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මෙලෙස දඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි බෙනඩික් සෙල්වරාජා නමැති 40 හැවිරිදි පුද්ගලයකුටය.
2014 ජනවාරි මස 24 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 7.93 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව මට්ටක්කුලිය ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විත්තිකරු අල්ලා ගෙන ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.
හෙරොයින් ජාවාරම් කිරීම හා හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.