(මනෝප‍්‍රිය ගුණසේකර)
මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන යන අතරතුර හෙරොයින් ග්‍රෑම් තුනක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (31) ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
වෙනත් අපරාධයක් සඳහා මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත් කර වැලිකඩ බන්ධනාගාරයට ගෙන යෑමට බන්ධනාගාර බස් රථය වෙත ගෙන යන අවස්ථාවේදී විත්තිකරු හෙරොයින් සහිත පාර්සලය ගෙන යෑමට උත්සහ කළ බවට පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කරමින් විත්තිකරුට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් විනිසුරුවරයා නියම කළේය.
බන්ධනාගාර නිලධාරීන් පැමිණෙන අවස්ථාවේදී අදාළ හෙරොයින් පාර්සලය මාරු කර සඟවා ගැනීමට උත්සහ කළ බවට සාක්කි ඉදිරිපත් වු මෙම විත්තිකරු සමඟම චෝදනා ලැබ සිටි දෙවැනි විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැති බවට තීරණය කළ විනිසුරුවරයා නඩුවේ දෙවැනි විත්තිකරු වු අලගර් සෙල්ලකුමාර් නමැත්තා නිදොස් කොට නිදහස් කළේය.
මීට වසර 5 කට පෙර කොළඹ සේදවත්ත ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2.39 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට වු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙලෙස ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලද්දේ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ පදිංචි අමීර් පස්ලින් නමැත්තෙකුටය.
මේ අනුව දෙවැනි විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු වී නැතැයි තීරණය කරමින් සියළුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා පළමු විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

