හෙරොයින් සමඟ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)
 
හෙරොයින් සමඟ  කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු අද ( 12)  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් රැගෙන ත්‍රිරෝද රියකින් යමින් සිටියදී  මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී  රුවන් ගුණසේකර මහතා පැවසීය.

පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගමන් කරමින් සිටියදී අද දහවල්  සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර  ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සොයාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.