
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ යාඥා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් හෙරොයින් බෙදාහැරීමේ යෙදුන බව කියන දේවගැතිවරයෙකු හෙරොයින් ග්‍රැම් 300 ක් සමඟ අත්අඩංගුවට ගත්බව මීගමුව පොලිසිය පැවසීය.
දළුවකොටුව පාතිමාවත්ත ප්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි දේවගැතිවරයෙකි.
යාඥා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් මෙම දේවගැතිවරයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ තරුණ තරුණියන් ඉන් මුදවාගැනීම සඳහා උපදේශනය සිදුකරන බවට ප්‍රචාරයක් ලබාදී ඇති අතර ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ලැබී ඇති බව පෙලිසිය කියයි.
එසේ කටයුතු කරමින් දේවගැතිවරයා හෙරොයින් බෙදාහැරීමේ ජාලයක් පවත්වාගෙන ගොස් ඇති බවට පොලිසිය සැකකරයි.
මෙම ජාවාරමෙන් සැකකාර දේවගැතිවරයා කෝටි ගණනින් මුදල් උපයා ඇති බවත් යාඥා මධ්‍යස්ථානය සහ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසු හෙරොයින් පාර්සලය හමුවූ බවත් පොලිසිය පැවසීය.
දේවගැතිවරයා හා එක්ව හෙරොයින් බෙදාහැරීමට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භකර ඇතැයි පොලිසිය කියයි.
සැකකරු රඳවා ගැනීමේ නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිත

