රංජිත් රාජපක්‍ෂ
මිහින්තලේ ප‍්‍රදේශයේ සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණි නඩයක සිටි තරුණයන් තිදෙනෙකු හෙරොයින් ඇතුලූ මත්ද්‍රව්‍ය සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක ලක්සිරි ප‍්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
වන්දනා නඩයක් සමඟ පැමිණී තරුණයන් පිරිසක් ගැන සැකසිතු නල්ලතන්නිය පොලිසියේ නිලධාරීන් ඔවූන්ව පරික්‍ෂා කිරිමේ දි ඔවුන් සන්තකයේ තිබි හෙරොයින් මත්කුඩු මිලි ග‍්‍රෑම් එකසිය හැටක් කේරල ගංජා මිලි ග‍්‍රෑම් හාරසිය පනහක් සහ මත් පෙති තොගයක්ද සොයා ගත් බව පොලිස් ස්ථානාධීපතිවරයා සඳහන් කළේය.
අවුරුදු 25-30 අතර වයස් කාණ්ඩ වල පසුවන මෙම සැකකරුවන් තිදෙනා මිහින්තලේ අනුරාධපුර පාරේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (26) හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසි ස්ථානාධිපතිවරයා පවසයි.

